Monday, January 27, 2020

E Money 005

(yaluwane kiyawanna kalin mage dham pata kotuwak thiyana add tika clik karala sup ekak denna yaluwaneee)
" කන්නෙ නැද්ද "
" පස්සෙ කනවා "
" ඇයි දැන් "
" බඩගිනි නෑ "
වෙද මහතා වෙතට ගිය ඈ තෙල් බෝතලය ගෙන ආවාය.
" මං එන්නම් යමු "
ඇය වෙද මහතා පසුපසිනි. ඔහු ආරන්යව පරීක්ෂා කලේය.
" තව දෙතුන් ගමනක් මේ තෙල් සාත්තුව කරන කොට මහත්තයාට දැනෙන්න පටන්ගනී. මේ සිංහල වෙදකම හුඟාක් බලගතුයි මහත්තයෝ. මිනිස්සු ලේසියට පෙත්තක් ගිලිනවා. මේකට යන කාලෙ යනවා වැඩියි කියලා. ඒත් මේ සිංහල වෙදකමේ තියෙනවා ඔය ඕනෙම ලෙඩකට බෙහෙත්. දැන් මහත්තයා අවුරුද්දක් හමාරක් තිස්සේ එකතැන. අතීතෙ මතකත් නැතුව "
වෙදමහතාගේ වචන වලට ගැස්සුනේ ධරනීය. ඇය මෙතෙක් ඔහු සිටින්නේ අතීතය අමතක වෙලායයි දැන සිටියේ නැත. තිගැස්සුණු නෙත් ඇතුව ඇය බැලුවේ ආරන්ය දෙසය. ඒ ඇසිල්ලෙම ඔහුත් නතර වුනේ ඈ දෙස බලාගෙනය.
" මහත්තයට මාස දෙකක් ගතවුණු තැන පුරුදු ජීවිතේටම යන්න පුලුවන් "
ධරනී සිටින්නේ බිම බලාගෙනය.
" මේ විදිහට අද ඉඳන් තෙල් ගාන්න දරුවෝ "
ඇය හිස සලා තෙල් ගාන්නට පටන්ගත්තාය.
" ඔය හරියටම අල්ලගෙන තියෙන්නෙ. දවස් තුනක් ඉන්න කිව්වෙ මේ කරන දේවල් හරියටම කරන්න ඕනෙ නිසා. මේ දැරිවි හරියටම කරනවා. අද හවස මහත්තයලා යන්න. දවසක් ඇර දවසක් එන්න ඕනෙ "
වෙද මහතා යන්නට ගියේය. ධරනී නිහඬය. ඇයට සිහිවන්නේ ඔහු කී දෙයය. මුල්වරට ඇයට ඇගේ අනාගතය ගැන බියක් දැණුනි. මේ සිටින්නේ අතීතය අමතක අයෙකි. ඔහු ගතකල ජීවිතය ලඟින් සිටි අය මතකයේ නැත. සමහරවිට ඔහු විවාහකයෙකු වන්නටත් පුලුවන. තමා ඔහු ගැන කිසිවක් දන්නේත් නැත. කිසිවෙකුත් දන්නේත් නැත. සුව වූ කල ඔහු පරණ මතකයන් සොයා යනු ඇත.
ආරන්ය හැරී බැලුවේ හෙමිහිටය. ඇය තෙල් ගාන්නේ සිතුවිල්ලේය. ඔහු ඊට බාධා නොකරම යළිත් දෙනෙත් පියාගත්තේය.
ඇය වෙද මහතා කී ලෙසම ඔහුගේ ඉණෙන් පහළ හොඳට තෙල් ආලේපකලාය. කාන්තාවම තැවුම් පොට්ටනි ගෙනවිත් තැබුවාය. ඇය තවන්නේ හෙමිහිටය.
" මොකෝ වුනේ "
ආරන්ය ඇසුවේ බලාහිඳ බැරිමතැනය.
" මොකුත් නෑ පොඩි මහත්තයා. කෝ හැරෙමු මේ පැත්තත් තවන්න "
ඔහුව තවා සියල්ල අරගෙන වෙද මහතා වෙත ගිය ධරනී යළිත් ආවේ තවත් තෙල් බෝතලයක් අරගෙනය. ඔහුව රෝද පුටුවට මාරු කල ඇය ගියේ පෙරදා තැනටමය. ඔහුගේ හිසට තෙල් දා හෙමිහිට පිරිමදින්නට විය. ඇගේ ඇඟිලිතුඩු කෙහෙරැළි අතර දඟකරද්දී සනීපය. ගතට දැනෙනා සිසිලසත් දෙනෙත් නිදිබර කරවීය. ඔහුට නින්ද ගියේය. ඒ ඇයගේ කුසට හිස හේත්තු කරගෙනය. වෙද මහතා එනතෙක්ම ඇය කලේ ඒකය.
" අද ඔය දරුවා මේක දාන්නකෝ "
ඔහුව ඇහැරවා ගත්තේ හෙමිහිට ඔහුගේ කම්මුලකට තට්ටුකරය. ඇය සීරුවට ඔහුගේ හිසවටේට රෙදි කැබැල්ල බැන්දාය. අනතුරුව හිස පුරාවට කොටා සකස්කරනලද බෙහෙත් ගැල්වීය. වෙද මහතා බලාගෙනය.
" අද මේක දාගෙන ඉන්නකොට ඔලුව කැක්කුම අල්ලයි දරුවෝ. ඉවසාගෙන ඉන්න වෙනවා "
ගතවන්නට ඇත්තේ විනාඩි තිහකට ආසන්න කාලයකි. ආරන්ය දැඩි හිස කැක්කුමකින් පීඩා වින්දේය.
" ඉවසන්න බෑ. වෙදමහත්තයට කියන්න "
දෙනෙතත් රතුවෙලාය. බලන්නට දුකය. ධරනී දිව්වේ වෙද මහතා සොයාගෙනය.
" අනේ වෙදමාමේ... "
" ඔලුව කැක්කුම අල්ලලාද "
යුවතියගේ දුක්ගත් මුහුණ දුටු වෙදමහතා ගියේ ආරන්ය වෙතටය.
" ඉවසන්න මහත්තයා. ඔය ඔලුවෙ නහර පණගැහිලා ආවහම ඔය ලෙඩ ඔක්කොම ඉවරයි. "
ඔහු ගියේ ආරන්යගේ නිල තෙරපීමක් කරය. මද සහනයක් ඔහුට දැනිණි. පැයකට හමාරකට පසුව ඉසකුඩිච්චිය ගලවද්දී ආරන්යට දැනුනේ සුවයකි. මෙතෙක් හිස පෙලූ බර ගතිය අඩුවී ගියේය.
" මේ තෙල් ටික දාලා පිරිමදින්න දුවේ. දැන් පැය දෙක තුනක හොඳ නින්දක් ඕනෙ "
ඇය. තෙල් ගා හිස පිරිමදින්නට වූයේ ඔහුව ඇඳට කරය.
" මට නින්ද ගියාට පස්සෙ අරෙහෙ මෙහෙ සවරං ගහන්නෙ නැතුව මෙතනට වෙලාම ඉන්නවා. හරිද "
ඔහුගේ හිතට හරි නැත. අර තරුණයා තමන් දෙදෙනා ගැන නිතර විමසිලිමත්ය. ඇය එහාමෙහා යන වාරයක් පාසා ඔහුගේ නෙතු ඇය පස්සේය. සිතෙනා විදිහට ඇය තමන්ට පෙම් කරන්නේ නැත. අනෙක් අතට තමන් ඇයට වඩා වැඩිමහලුය. තමන්ට දැන් විසි අටකි. මේ කොල්ලා වැඩිම වුනොත් ඇයට වඩා වසරකින් දෙකකින් වැඩිමල් වන්නට ඇත. පෙනුමත් නරක නැත. ඇයගේ සිතුවිලි කුමක්වුවද මේ කොල්ලාගේ සිතුවිලි හොඳවන්නට බැරිය. මේ විවාහය කෙසේ සිදුවුනිද ඇය තමන්ගේ බිරිඳය. මෙහි සිටිනා අය දන්නේත් එහෙමය. අබ්බගාත සැමියකුගේ බිරිඳක් ගැන ඔහු වදවෙන්නේ හොඳකට වන්නට බැරිය. ඇය මිනිසුන්ගේ සිතුවිලි හඳුනාගන්නට තරම් මෝරලාත් නැත. ඔහු ඇසූවට ඇයගෙන් පිළිතුරු නැත.
" ඇහුණද කිව්වා "
" හ්ම් "
" මට ඇහැරෙනකොට මෙතන හිටියෙ නැත්නම් බලාගන්න පුලුවන් "
ඔහු කියන්නේ ඇගේ යටි තොල මිරිකාලමිනි. වැඩිවෙලා නොගිහින් ඔහු නින්දට වැටිණි. ඇය ඔහු වෙතින් ඉවතට ගියේ නැත. ඔහු දෙස බලාගෙනම කල්පනාවට වැටිනි.
ඔහුගේ පරණ මතකයන් අතර තමන් නැත. සමහරවිට ලොකු නෝනා මේ විවාහය කරන්නට ඇත්තේ ඔහුව සුවපත් කිරීම සඳහා පමණක් වන්නට නැත. ඔහු සුවපත් වූ පසු තම ඉරණම කෙසේ විසඳේදැයි හිතාගන්නට බැරිය. තාත්තලා කොහේදැයි දන්නේත් නැත. දන්නේ ඔය කියනා පොල් වත්ත ඇත්තේ දුර බැහැරක බව පමණය. කමනි නැන්දලාත් දැන් ගමේ නැත. ඔවුන් ගිය තැනක් නම් දන්නේත් නැත. මෙහෙට ඇවිත් වසරකට ආසන්නය. කිරි අම්මා බලන්නට යන්නට හැකිවුනේ නැත. ඇය මතක්වීම නිසාම දෙනෙතට කඳුලු පිරිණි. අම්මා නැති වූදා පටන් මවක් වූයේ ඇයය. කිසිදු අඩුවක් නොකර රැක බලාගත් අයුරු අමතක කරන්නට බැරිය.

No comments:

Post a Comment

E Money 006

< Yaluwane me wage thawa katha hamadama ahanna.la kolapatin thiyana cotuwe thiyana add tika click karala udau karanna > වරුන් සමා...