Wednesday, January 29, 2020

E Money 006

<Yaluwane me wage thawa katha hamadama ahanna.la kolapatin thiyana cotuwe thiyana add tika click karala udau karanna>
වරුන් සමාධි සහ තේජාන් රැගෙන පිටත් වූයේ නිවසට ඇරලීමටයි.. පුංචි තේජාන්ට වරුන්ගේ ඔඩොක්කුවට වී වාහනේ යන්න තියනවනම් ඉන් එහා සතුටක් නැත.. නිහැඩියාවක් පමණක් ඔවුන් අතර පැවතින.. විටින් විට තේජාන්ගේ හඩ පමණක් නිහඩ බව මදකට හෝ බිද දැමුවේය.. සමාධි වරුන් වෙත හැරුනේ යමක් මතක් වූ සෙයින්..
මහත්තයා .. අම්මයි මල්ලී හොදින් ඉන්නවද.. එයාලා දකින්න ආසයි..
පෙරදා සිට හිතේ කොනක සියුම්ව තිබූ ඒ බලාපොරොත්තුව ඇය කියා සිටියාය.. මේසා කරුණාවන්ත හිතක් ඇතිව මිනිසුන් අතරම දෙවියෙකු සේ උසස් හදවතකින් කටයුතු කරන්න ඔහු වැන්නෙක් මෙලොවට දුන් මැණියන් සහ සහෝදරයා බැලීමට ආශාව සමාධි තුල ඇතිවීම පුදුමයක් නොවීය..
එයාලා හොදින් ඉන්නවා.. අම්මා කිව්වා ඔයාව බලන්න ඕනේ කියලා..
ඔහු වැඩි අවදානයක් නොගෙනම පැවසූ දෙයි සමාධි ගැස්සී ගියාය..
මේ මම..
ඒ ඇයි මහත්තයා ..
දෑස් විසල් කර බලා සිටින ඇය දුටු විට සිනහවක් මුව අග රැදුන වරුන්
අම්මට එයාගේ ලේලි බලන්න අයිතියක් තියනවනේ.. එතෝට මෙන්න මේ මගේ කොල්ලව.. අම්මා අසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න සමාධි.. චූටිත් කිව්වා ඔයාත් එක්ක කතා කරන්න ඔනෙ කියල..
ඔහු පවසන වදන් හිස මත ගිනි තබන්නා සේ දැනෙන්නට වූයේ.. කිසිවිටෙකත් වරුන්ගේ පතිනිය ලෙස ඔවුන් ඉදිරියට යාමට නොහැකි නිසාවෙන්.. කිසිදා එසේ සිදු නොවෙයි.. තාමත් ඇගේ අයිතිය ඇත්තේ විලන් වෙතය.. ඔහුනමින් ලියවුන ඒ පතිදම අදටත් පිරිසිදුය..
මොහු ලග සිට පිලිසරණ පැතීම මා කල වරදක් දැයි සිතේ... ඔහුගේ වරදක් නැත.. ප්රේමය ඇතිවීම හෝ නැතිවීම සාමන්ය ය.. ඔහු අසල සිට ජීවිතය බෙදාගත් නිසාවෙන් මා ඔහුට දැන් ඇවැසිය. මා සිතට යදම් බැද රැකවල් ලා සිටියද ඔහුට එසේ නොවෙයි.. දරුවා ඇත්තේ ඔහුට බැදීය ඒ බැදීම කඩා විනාශ කල නොහැක.. දැන් තීරණයක් ගත යුතුය.. ඔහු පුන පුනා කියා සිටින්නේ එකම දෙයය.. මා ඔහුගේ පතිනිය කර ගැනීමට අවසර පැතීමය.. හිතට එකගව කල නොහැකි එකම දේ එයම වූ කල මා කුමක් කරන්නද.. සිතිවිලි සගවා ඔහු ඉදිරියේ රගපාන්න පුලුවනි අනාගතය උදෙසා ඔහුගේ පිලිසරණම පතා සැප සම්පත් වලට ආශාවී.. එසේ කිරීමෙන් දෙවියෙකු වන් ඒ පිරිසිදු හදවතට නපුරක් කිරීම පහත් ය.. කිසි දිනෙක ඔහුට අසාදාරණයක් කර මට කිසිවක් ලබා ගැනීමට උවමනාවක් නැත..
මහත්තයා..
ඇයි අම්මලාට එහෙම කිව්වේ.. මම කොහොමද එයාලගේ ලේලි වෙන්නේ..
ඔයාලා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්නම්.. ඒත් ඔයා ඔය කියනදේට මට කැමති වෙන්න බෑ.. හැගීම් වලට විරුද්ධව ඔයාට ලං වෙලා මට බෑ අසාදාරණයක් කරන්න.. හැමදාම මම ඔයාට මේ ජීවිතෙන් ණයයි.. පුතුයි ඔයාගේයි බැදීම කඩන් නෑ මම ඒත් මාව අයින් කරන්න මහත්තයා..
සමාධි පවසන්නේ කදුලක් පිසදමමින්..
හරි හරි.. නාහෙන් අඩන්න එපා.. මම අම්මලාට කිව්ව එකක් නෑ.. විහිලුවක් කරේ.. අනික මම කරපුවා ගැන කියවන්ඩ එපා.. මම ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් උදව් කරේ නෑ.. මම ඔයාට ආදරේ කරනවා ඒක ඇත්ත එහෙමයි කියලා මම කරපුව කියාපාන්න ලෑස්ති නෑ මම කවදාවත්..
එදා මම දෙයක් කරෙත් අද මම ඔයා වෙනුවෙන් දෙයක් කරන්නෙත් මනුස්සකම නිසා මිසක් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි..
වරුන් පැවසූ වදන්වල තද බවක් කවදාවත් නැතිව දැනුනි. ඉන් එහා වචනයක්වත් නොපවසා සිටියේ ඔහු සමග තර්ක කර හෝ වාද කර දිනාගැනීමට දෙයක් නොතිබූ නිසාවෙන්..
......................
නොසන්සුන් හිත මොහොතකවත් සැනසීමක් නොදුන් නිසාවෙන් නිර්වාන් සිටියේ දරාගත නොහැකි වේදනාවකින්..
කාමරයෙන් පිටතට නොයා එහි තුල සැගවී වේදනා වින්දේ නොදැනුවත්ව හෝ තමා අතින් සිදු වී ඇත්තේ බරපතල වරදක් යැයි සිතුවිලි කරන චෝදනාවෙන් ගැලවිය නොහැකිව..
මම දන්නෑ රපුංසල් ඔයා කොහෙ ඉන්නවද.. අපේ දරුවා කවුද කියන්නවත් මම දන්නෑ .. මට ආසයි ඔයාලව බලන්න අනේ එකපාරක් ඉන්න තැනක් මට හොයාගන්න පුලුවන්වුනොත්.. මේ හැමදේම දාලා මම එනවා.. දැන් හොදටම ඇති තවත් දුක් විදින්න බෑ මෙහෙම..
නිර්වාන් නිදි වර්ජිත රැයක් ගෙවා දැම්මේ රපුංසල් මතකයේ කදුලු අලුත් කරමින්..
අම්මේ කෝ චූටි.. නිදිද තාම..
වරුන් උදෑසනම ආවේ නිර්වාන් ද රැගෙන ඔෆිස් එකට යෑමටයි.. මෙසේ තැන තැන ඇවිදිමින් පරන ජීවිත මතකයන් අවුස්සා වද වීම ඔහුගේ ජිවිතයට තර්ජනයකි.. කෙසේ හෝ බිස්නස් වැඩ වලට හුරු කරවා ගැනීමෙන් ඔහු පරන මතකයෙන් ඈත් කරගත හැකිය..
ඊයේ ඔය කොහෙද ගිහින් ඇවිත් කාමරේට වුන පාර කන්නවත් ආවේ නෑ.. මම හිතන්නේ නිදි තාම..
යමුනා පවසත්ම වරුන් පඩිපෙල දිගේ පා තැබුවේ නිර්වාන් වෙතයි..
ඒයි පුම්බකරණ නැගිටිනවා..
අද ඔෆිස් යමු මාත් එක්ක..
පෙන්නන දේකුත් තියනවා..
නැගිටිනවකෝ..
දෑස් පොඩිකරමින් කම්මැලි කඩන නිර්වාන් අසල වාඩිවුන වරුන් ඔහුව පෙරැත්ත කර නැගිටවා ගත්තේ කෙසේ හෝ සමාධි සහ තේජාන් ඔහුට පෙන්නන්නට තිබූ ආසාව නිසාවෙන්..
අපෝ ලොකු වද නොදී යනවකෝ..
මට බෑ ඔෆිස් ගානේ එන්න..
අද ආවොත් නෑනා පෙන්නනවා..
තව මගේ චූටි පෝරිසාදයත් බැලිහැකි..
තමුසේ වගේවමයි හලෝ.. පොඩි කාලේ තමුසෙව දැකලා නැත්තන් තේජාන් බැලුවම හරි..
වරුන් සිනාවෙවී කියූ දෙයට නිර්වාන් ගේ දෑසේ කදුලක් මතුවිය.. සැබවින්ම තමාගේ දරුවාද මේ වෙද්දි කොහෝ හෝ ඇත. දෑසටවත් නොදකින්නතරම් කෙතරම් පව් කර ඇත්දැයි දැනෙද්දි නිර්වාන් නිහඩ සුසුමක් හෙලුවේ හදවතින් දැවෙමින්..
හ්ම් මම එන්නම් ලොකු..
............
ප්රතාප් ටෙක්සයිල් කම්පැණි එක අද වෙනදාට වඩා කාර්යබහුල මෙන්ම නොයිවසිලිවන්තය.. සියලු දෙනාම බලාපොරොත්තු වූයේ නිර්වාන්ගේ පැමිණීම.. සමාධි මෙය දැනගෙන සිටියද ඇය එතරම් ලොකු උනන්දුවක් නොදැක්වූවා.. වරුන්ගෙන් අසා තිබුනද නිර්වාන් කවුරුන්දැයි දැක නොතිබුනේය..
අශේනි වරුන් සර් ආවද ..
නැ මිස් තාම..
සමාධි කරමින් සිටි වැඩ අවසන් කර තේජාන් රැගෙන එලියට එමින් අශේනිගෙන් විමසුවේ..
බලන්න තාමත් නැ
මට චෙක් ටික දෙන්න යන්නත් ඕනේ..
මේ බඩ්ඩ දාලා යන්න වරුන් සර් එනකම්ම ඉන්න වෙනවානේ..
අදනම් මිස් එද්දි පරක්කුවෙයි.. නිර්වාන් සර්ත් එනවනේ අද..
මිස් පුතා දාලා යන්න අපි ඉන්නවනේ
වරුන් සර්ලා දැන් එනවත් ඇතිනේ..
අශේනි කල යෝජනාවට එකග වෙනවා හැරෙන්න වෙන පිලියමක් නැත.. චෙක් බාරදිය යුතු නිශ්චිත වෙලාව ඉක්මවා ගියජොත් එය ව්යාපාරික අතින් එතරම් හොද නැත.. සමාධි අශේනි ලගින් තේජාන් තබා ෆයිල් ටික රැගෙන පිටත් වන්නට විය..
අනේ කෙල්ලේ ඔය ඇම්බැරැට්ටය දුවයි හොදේ ඇහැ ගහගෙන ඉන්න ටිකක්.. දන්නවනේ වරුන් සර්ගේ හැටි ඔයාලා ඕකට සීරීමක් වුනත් මාව කන්ඩ හදනවා..
සමාධි මුහුන හකුලවා කියද්දි අශේනිට සිනහය.. ඔවුන් සැබවින්ම දනී වරුන් තේජාන්ට දක්වන සෙනෙහස ගැන..
පුතු අම්මි එනකම් දග වැඩ එපා හොදේ..
කෝතු කාලා කුක්කු බීලා ආන්ටිලට කරදර නොකර ඉන්න මගේ පැටියා..
තේජාන්ව සිඹ ඇය පිටත් වී ගියාය..
සමාධි පිටවී යනවාත් සමගම වරුන් සහ නිර්වාන් පැමිණියේ දෛවය ඔවුන් මුනනොගැසෙන්න කාලය හසුරවමින්..
අනේ මගේ කොල්ලා..
අශේනි අසල සිට වරුන් දැක දුවන් ආ තේජාන් මගක් විත් නැවතී බලා ඉන්නේ නිර්වාන් දෙසය..
ඒ ඇස් බෝලය.. මොකක්දෝ හුරුවක් දැනෙන්නට විය. හදවත ගැහෙන ශබ්දය පවා පිටතට එන තරම් හිත නොසන්සුන් වී ඇත.. දුවගෙන ගිහින් වඩාගන්න හිතෙනතරම් සෙනෙහසක් දැනෙයි.. ඒ බැල්ම ඒ හිනාව ලොකු ඇස් මොකක්දෝ කතාවක් කියන්නා වගේ..
එන්න පැටියෝ..
වරුන් දෑත පා සිටියද තේජාන් ඔහු මගහැරගොස් නිර්වාන්ගේ කකුල බදාගන්නේ.සංසාරික පිය පුතු ස්නේහයේ වත්මන් මුනගැසීම දෛවය විසින් එසේ ලියවෙද්දි.. සියල්ල නොදනින්න පුලුවන සත්ය කාලය විසින් වසා දමන්නටද පුලුවන ඒත් ලේ සුවද මකාදමන්නට හැකිද.
නොදැනුවත්වම දරුවා දෑතින් ඔසවාගන්නා නිර්වාන් ඒ පුංචි හිනාවෙන ඇස් දිහා අනිමිසයෙන් බලා ඉන්නා අයුරු වරුන් බලා සිටින්නේ සිනහවක් මුව රදවන්..
ආදරේ හිතෙනවා නේද චූටි කොල්ලා දැක්කම.. මම නිකන් නෙවෙයි උදේ හවා ඔකා ගැන කියෙව්වේ.. මූ නැත්තන් මට පිස්සු වගේ..
දරුවා නැතුවම විතරද ලොකූ..
ඇයි මෙයාගේ අම්මා..
වරුන් නිර්වාන් ඇගට නොදැනී කියු දෙයින් දැනුන කෝල බව නිසාම වත සගවාගෙනම රූම් එකට ගියේය..
වරුන් පසුපසින්ම තේජාන්වද ලය මත තබාගෙන නිර්වාන් ගියේ මුවට නැගි සිනහව සගවාගනිමින්..
අශේනි කෝ මිස්..
වරුන් විමසන්නේ සමාධි පෙනෙන්නට නොසිටි නිසාවෙන්..
මිස් බෑන්ක් එකට ගියා සර්..
හරි අශේනි.
වරුන් ඇයට සමුදී තේජාන් මේසය මත හිදුවා කෝලම්න් කරන නිර්වාන් දෙස හැරුනේ ඒ බැදීම තුල මොකක්දෝ ලස්සනක් වගේම හුරුකමක් දැනෙද්දි..
චූටි.. මම සමාධිව එක්කන් එන්නම්..
අපි එනකම් තේජාන් එක්ක ඉන්න..
ඕකේ..
නිර්වාන් වරුන් දෙස නොබලාම හිස පහත් කර කට ඇද කර පැවසුවේ තේජාන් මහ හයියෙන් හිනස්සවමින්..
වරුන් පිටවී ගිය පසු තේජාන් දෙස බලන් හිරකරගෙන සිටි කදුලු කඩාහැලුනේ රගු නිසවෙන් හෙලිවුන සත්ය මතක්වෙන වාරයක් පාසා පනපිටින් පිච්චෙන තරම් වේදනාවක් වුන නිසාවෙන්..
මටත් ඉන්නවලු පුතේ ඔයා වගේම චූටියෙක් ඒත් එයාව මම කවදාවත් දැකලා නෑ.. එයත් ඔයා තරම් ඇති දැන්..
නිර්වාන් පුංචි තේජාන්ව තුරුල් කරන් සුසුම් හඩ පමණක් මුදා හැරියා..
තා..තා.. මේ මේ..
තේජාන් වචන උචාරනය නොවුනත් යමක් අවශ්ය වූ විට පැවසීමට ඔහුගේම වාග් මාලවක් තිබුනි.. හදිසියේ නිර්වාන්ගේ අතින් අදිමින් පෙන්නන දෙය දෙස නිර්වාන් දෑස් ගෙන ගියේය.
තේජාන් පෙන්වන්නේ කරේ බැද තිබූ මාලයය.. නිර්වාන් උවමනාවෙන් බලද්දි දැක්කේ මාලය් බෙල්ලට හිරවී ඇති අයුරු එය ඔහුට අපහසු නිසාවෙන් කියා ඇති බව තේරුනාය.
අනේ පැට්ටෝ මාලේ පැටලිලා නේද
කෝ එන්න අංකල් හදන්න..
නිර්වන් තේජාන් හැද සිටි ෂර්ට් එක අතරින් දෑත් යවා මාලය සකසන විටම දුටු දෙයින් ගැස්සිනි.. එය මාලයක් වුවද එහි පෙන්ඩ්ඩන්ට් එක වෙනුවට තිබුනේ ලෝකට් එකක්.. එය නිර්වාන්ට හුරු බවක් දැනුනෙන් කලබලෙන් එය අහට මෙහෙට කරමින් බලන්නට විය..
දෙයියනේ මම රපුංසල් ට දැම්මේත් මේ වගේම ලොකට් එකක් ආර් අකුරමයි..
නෑ මට පිස්සු එකවගේ ඒවා ලෝකේ කොච්චර තියනවද.. ඒත් මට මොකක්ද අමුත්තක් දැනෙනවා මේක දැක්කම. මේ ඒකමනම් මගේ යතුරෙන් ඇරෙන්න ඕනෙ .. මේ සැකේ යන්නත් එක්ක අපි බලමු..
නිර්වාන් ඔහුගේ කරේ තිබූ කුඩා මාලය ගලවා එහි තිබූ යතුරෙන් ලොකට් එක විවර කරන්න විය .. හිත ගැහෙන්න ගත්තේ වැඩි බලාපොරොත්තුවක් නොතියා නිකමට කලා වුවද එය ලොක් එක බිදී විවර වෙද්දි.. ඒ දෑස් නිලංකඅර විය. ලොකට් එක අතට ගෙන එහි බහා තිබූ කුඩා පින්තූරය දකිනවිටම නිර්වාන්ට උන්හිටි තැන් අමතක විය..
එදා රපුංසල්ගේ උපන්දිනය වෙනුවෙන් රහසේම හැදූ මාලය.. එහි පුංචි ලොකට් එකක් සාදා එයට පින්තූරයක් දැමූ අයුරු.. වෙරලේ හිද ඇගේ කරේ බැන්ද අයුරුත් සිහිවී ගිගේ මතකය අලුත් වෙමින්..
ලොකට් එක ඇයටත් එහි යතුර ඔහුටත් සැදූවේ මෙසේ දෛවය විසින් ඔවුන් නැවත මුනගස්සන්නම විය හැකිය..
ර.පු.ං.ස.ල්..
එහි වූයේ රපුංසල් සහ ඔහුගේ පින්තූරයකි.. කිසිවක් හිතට නොඑයි.. හදවත පවා එක් මොහොතකට නැවති ඇති සේ දැනෙයි..
තා..ත්..තා.. පු..තා..
චා... අ.ම්..මි... අ..ඩා..
දෑත් හිස මත තබා බිමට නැබුරුව සිටි නිර්වාන් තේජන්ගේ හඩින් හිස ඔසවා බලන්නේ ඔහු දෙසය..
සක්සුදක් සේ පැහැදිලිය මේ දෑස් මානයේ ඉන්නේ තමාගේ ලේය.. දුටු තත්පරේදිම හදවත කෑ ගසා කියූ සත්ය දෙවියන් මේ මොහොතේ ඇස් මානයේ හෙලිකර හමාරය.
බෝල ඇස් කරකවන තාලේ
රෝසපාට තොල් පිම්බුන කම්බුල් ඒ සැගවුන චායාව රපුංසල් ගේ බව තේජාන් දෙස ඇස්පිය නොහෙලා බලා සිටින නිර්වාන්ට දැනුනි..
මගේ පුතේ..
මගේ පන.. මම ඔයාගේ තාත්තා..
ඔයාගෙම තාත්තා..
තේජාන්ව තදින්ම ලයට තුරුල් කරගත්තේ .. පිය සෙනෙහස ලේ මස් ඇටමිදුලු සිසාරා කිදා බහිමින්..
ලොකූ ...
ඔයා කිව්ව සමාධි මගේ රපුංසල් ද..
කොහොමද මට ඒ නම අමතක වුනේ..
මගේ අයියා ආදරේ කරන සමාධියි දරුවයි මගේ කියලා මම කොහොම ද කියන්නේ.. මේ මොන විදිහේ ඉරණමක්ද දෙවියනේ.. මගේ දරුවා මගේ කෙල්ල ඒ හැමෝම මට පෙන්නලා ඈතට කරන්නේ ඇයි මගෙන්..
නිර්වාන් තේජාන්ව ගෙන පපුවට තද කරන් අතොරක් නැතිව සිපගෙන යන්නේ ඔහුව කවුරුන් හෝ උදුරාගෙන යවිදැයි බියෙන් මෙන්.. මොහොතක් එසේ හිද හදිසියේ යමක් මතක් වූ සෙයින් තේජාන් පුටුවෙන් තබා බිම හිද ගන්නේ ඔහු දෙසම බලන්..
තාත්තට සමාව දෙන්න පුතේ..
ඊලග තත්පරේම අශේනි අතට තේජාන් දී මොහොතක් ඒ පුංචි ඇස් දිහා බලන් ඉදලා පිටවුනේ හදවත ගලවා දමා යන්නා සේ දැනෙද්දි..
කලබලෙන්ම පිටවී අවුත් මහල් සංකීර්ණයෙන් පාහත මාලයේ තිබූ වාහන අංගනය වෙත දිව ආ නිර්වාන් දනිස් මත දෑත් තබා බිමට බර වූයේ වේගෙන් හුස්ම වැටෙද්දි.. හුස්ම හිරවෙන තරම් වේදනාවක් දැනෙයි..
අසලින්ම ඇහුන වාහන සද්දෙත් එක්කම හිස එසවීය..
වේගයෙන් විත් නැවතූ කාරෙකින් බැස්සේ වරුන් සහ සමාධි ය.. වරුන් අසලින්ම පා තබා එන සමාධි හිටියේ ලොකු කතාවකය.. වරින් වර සිනා වෙමින් එන ඇය දෙස එක ඇස් දෙකක් ඇස්පිය නොසලා බලා සිටියේ සුසුමක්වත් පිට නොකර..
කඩා හැලුන දිග කොණ්ඩේ එසේමය.. එදා ගවුම වෙනුවන අද ගත පුරා සාරියකින් වැසී ඇත.. ඒ හිනාව එදාට වඩා නැවුම් ය..ඒ වත පිරිපුන් ගැහැනියකගේ රුව පෙනි යයි..
මගේ රපුංසල් ...
ඇහෙන නෑහෙන හඩින් මිමිනු නිර්වාන් වහා එතන තිබූ වාහනයක් පිටුපස සැගවුනේ ..ඔවුන්ට මුහුන දීමට තරම් ඒ මොහොතේ ශක්තියක් නොතිබූ නිසාවෙන්.. එහෙම්මම බිමට පාත් වූ ඔහු දෑතින්ම හිසකෙස් අදිමින් වේදනාව විදගත්තේ දෑස් කදුලු වලින් බොද වෙද්දි..
රපුංසල් ඔයා ඇයි ආවේ මගේම අයියා ලගට.. ඇයි ආවේ.. මාව මැරුවනම් මීට වඩා හොදයි දෙයියනේ..
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නැවත හමුවෙමු...
මට සුවය පැතූ හැමෝටම ස්තූති.. හැමදාම මේ දෙන ආදරේම තමා අපේ ශක්තිය. අව්යාජ හදවත් ඇති සුන්දර මිනිසුන් අතර සිටීම ගැන හදවතට දැනෙන්නේ සතුටකි..

No comments:

Post a Comment

E Money 006

< Yaluwane me wage thawa katha hamadama ahanna.la kolapatin thiyana cotuwe thiyana add tika click karala udau karanna > වරුන් සමා...